දේශීය

ප්‍රශ්නය කවුරු ඇති කළත් විසඳුම් ලබාදෙනවා! – අධ්‍යාපන ඇමති

කවුරුන් විසින් ප්‍රශ්නය ඇති කළත් වගකීම් භාරගත් අය වශයෙන් නිවැරදි විසඳුම් ලබාදීමට තමා කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අභියෝග රැසක් පැවති සමයක තමා අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් පත් වූ බවත් පියවරෙන් පියවර එම අභියෝගවලට විසඳුම් සපයමින් ඉදිරියට යාම තම අපේක්ෂාව බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින්.

ගුරු විදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණය මර්දනය කිරීම සම්බන්ධව මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා අදහස් දක්වා සිටියා..

“ගුරු සංගම් එක්ක මම දිගින් දිගටම සාකච්ඡා කරමින් මෙතෙක් කලක් ඇති වූ ඒ අයගේ ගැටළු විසඳාගනිමින් ආවා. අයවැය ලේඛනයකුත් ලංවෙන නිසා අපි යෝජනා කරල තියෙනවා, ගුරු විදුහල්පති පමණක් නෙවෙයි සෙසු සේවාවලත් ඇතිව තිබෙන වැටුප් විෂමතා සමනය කිරීමට අයවැයෙන් යම් ප්‍රතිපාදනයක් වෙන් කරල ඒ සම්බන්ධයෙන් පියවර ගන්නේ කොහොමද කියන කාරණය අපි පෙන්වා දීලා තියෙනවා. නමුත් රටේ තියෙන ආර්ථිකයත් එක්ක තමයි භාණ්ඩාගාරය ඒ සම්බන්ධව අවධානය යොමු කරන්නෙ. අපේ යුතුකම අපි ඉටු කරල තියෙනවා..”

වෘත්තීය සමිති ස්වකීය සාමාජිකයන් වෙනුවෙන් ඉල්ලීම් කිරීම සාමාන්‍ය ස්වභාවය බවත් ඊට අනවශ්‍ය අයුරින් කලබලවීම නිෂ්ඵල බවත්, තමා අධ්‍යාපන සමුළුවකට විදේශගතව සිටි මොහොතේ ඇති වූ එම තත්වය නිසා කිසියම් පාර්ශවයකට අගතියක් හෝ අපහසුවක් වී නම් ඒ පිළිබඳ තම කනස්සල්ල පළ කරන බවත් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ඉදිරි සතියේ දී එම වෘත්තීය සමිති කණ්ඩායම් හමුවීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

file

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

2 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

2 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

2 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

4 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago