file
අරගල සමයේ ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ මුදල් සම්බන්ධයෙන් වූ නඩු විභාගය ඉල්ලා අස්කර ගැනීම ගැන තොරතුරු ඉල්ලා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් විසින්.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඔවුන් කොමිසමෙන් මෙහිදී අදාළ නඩුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටිනවා.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා..
“ජනාධිපති මන්දිරයේ තිබිලා එදා රුපියල් මිලියන 17කට අධික මුදලක් හමුවෙනවා. උසාවියේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා ඒ මුදල් ගෝඨාභය රාජපක්ෂට අයිති මුදල් කියලා පිළිගන්නවා. පිළිගත්තට පස්සේ අල්ලස් කොමිසම විසින් ශාක්සි නෑ කියලා නඩුව ඉල්ලා අස්කරගෙන තියෙනවා.”
“හිටපු ජනාධිපතිවරයා ඇවිල්ලා කියනවනම් මේ මගේ මුදල් කියලා ඊට වඩා සාක්ෂී ඕන නෑ.”
“මෙන්න මේ විදිහට අල්ලස් හා දූෂණ කොමිසම රාජපක්ෂලට විරුද්ධව දාපු නඩු 48ක් 50ක් විතර ඉල්ලා අස්කරගෙන තිබෙනවා.”
“අද අපි අල්ලස් හා දූෂණ කොමිසමට ආවා. නඩුව ඉල්ලා අස්කරගැනීමට තිබෙන හේතු කාරණා සියලු දේවල් තොරතුරු පනත යටතේ ලබාගන්න ඉල්ලීමක් කරා.”
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…