දේශීය

පාලන මිල ඉක්මවා අලෙවි කරන සහල් ආනයනයට පියවර

පාලන මිල ඉක්මවා අලෙවි කරන සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, සම්බා ඇතුළු සහල් වර්ග කිහිපයක් පාලන මිල ඉක්මවා අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුව ඊයේ (25) රැස් වූ අවස්ථාවේ දී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා..

“දැන් මාසෙක එක හමාරක ඉඳලා කීරි සම්බාවල මිල වැඩිවීමක් තිබෙනවා වෙළඳපොළේ. යම් ප්‍රමාණයකට අවස්ථාව දුන්නත් ඒක සීමාව ඉක්මවා විකුණන තත්ත්වයට පත්වෙලා වැඩි ප්‍රමාණයෙන්. පෙරේදා ඉඳලා සම්බා මිලත් 230 නෙවෙයි දැන් 240ට විකුණනවා. තවදුරටත් සහල් මිල පාලනය කළේ නැත්තම් ඉදිරි මාස දෙක තුන තුළ සහල් ආනයනය කරලා හෝ පාලන මිලට අඩුවෙන් සහල් ලබා දෙන්න වෙනවා.”

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago