දේශීය

ලෝක ශූර එංගලන්තය පරදා ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහිව පැවති තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 33යි පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 156ක් පමණයි.

එංගලන්තයේ වැඩිම ලකුණු ලාභියා වූ Ben Stroke ලකුණු 43ක් පන්දු 73කින් රැස් කළා.

Jonny Bairstow ලකුණු 30ක් සහ Dawid Malan ලකුණු 28ක් ලබා ගත්තා.

අගනා පන්දු යැවීමක නිරත වූ ලහිරු කුමාර කඩුලු 3ක් බිඳ දැමුවා.

කසුන් රාජිත සහ ඇන්ජිලෝ මැතිව්ස් කඩුලු 02 බැගින් දවා ගැනීමට සමත් වුණා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 157ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 25යි පන්දු 4ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 83කින් නොදැවී ලකුණු 77ක් රැස් කළා.

ඊට හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් ද ඇතුළත්.

ඊට නොදෙවැනි ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම පන්දු 54කදී ලකුණු 65ක් ලබා ගත්තා.

ඒ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ද සමගින්.

file

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago