file
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහිව පැවති තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 33යි පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 156ක් පමණයි.
එංගලන්තයේ වැඩිම ලකුණු ලාභියා වූ Ben Stroke ලකුණු 43ක් පන්දු 73කින් රැස් කළා.
Jonny Bairstow ලකුණු 30ක් සහ Dawid Malan ලකුණු 28ක් ලබා ගත්තා.
අගනා පන්දු යැවීමක නිරත වූ ලහිරු කුමාර කඩුලු 3ක් බිඳ දැමුවා.
කසුන් රාජිත සහ ඇන්ජිලෝ මැතිව්ස් කඩුලු 02 බැගින් දවා ගැනීමට සමත් වුණා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 157ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 25යි පන්දු 4ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 83කින් නොදැවී ලකුණු 77ක් රැස් කළා.
ඊට හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් ද ඇතුළත්.
ඊට නොදෙවැනි ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම පන්දු 54කදී ලකුණු 65ක් ලබා ගත්තා.
ඒ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ද සමගින්.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…