Sunday, April 19, 2026
Homeක්‍රීඩාලෝක ශූර එංගලන්තය පරදා ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි

ලෝක ශූර එංගලන්තය පරදා ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහිව පැවති තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 33යි පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 156ක් පමණයි.

එංගලන්තයේ වැඩිම ලකුණු ලාභියා වූ Ben Stroke ලකුණු 43ක් පන්දු 73කින් රැස් කළා.

Jonny Bairstow ලකුණු 30ක් සහ Dawid Malan ලකුණු 28ක් ලබා ගත්තා.

අගනා පන්දු යැවීමක නිරත වූ ලහිරු කුමාර කඩුලු 3ක් බිඳ දැමුවා.

කසුන් රාජිත සහ ඇන්ජිලෝ මැතිව්ස් කඩුලු 02 බැගින් දවා ගැනීමට සමත් වුණා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 157ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 25යි පන්දු 4ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 83කින් නොදැවී ලකුණු 77ක් රැස් කළා.

ඊට හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් ද ඇතුළත්.

ඊට නොදෙවැනි ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම පන්දු 54කදී ලකුණු 65ක් ලබා ගත්තා.

ඒ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ද සමගින්.

file
READ:   සංවර්ධනයට නම් පුරාවිද්‍යාව සහ සංචාරක කර්මාන්තය එකට එක්ව කටයුතු කළ යුතුයි - නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්