file
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන සිව්වන තරගය අද (21) පැවැත්වෙනවා.
ඒ නෙදර්ලන්තයට එරෙහිව.
තරගය මෙරට වේලාවෙන් පෙරවරු 10.30ට ඉන්දියාවේ ලක්නව් හිදී ආරම්භ වීමට නියමිතයි.
කණ්ඩායමට එක් වීමේ අරමුණින් හිටපු නායක ඇන්ජිලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර ඉන්දියාවට පැමිණියා.
අතිරේක ක්‍රීඩකයින් ලෙස ඔවුන් කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.
ක්‍රීඩකයින් අබාධයන්ට ලක්වුවහොත් ඒ අනුව මැතිව්ස්ට හා දුෂ්මන්තට තරගයට එක්වීමේ හැකියාව පවතින බවයි වාර්තා වුණේ.
මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර වෙනුවට කසුන් රාජිත අද තරගයට කැඳවා ඇති බව වාර්තා වෙනවා.
පසුගිය තරගය අතරතුර පන්දුව හිසේ වැදීමෙන් අබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරා මේ වනවිට පූර්ණ සුවය ලබා සිටිනවා.
ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා සහභාගී වූ තරග තුනම පරාජය වී සිටින අතර එක් තරගයක් ජයගනිමින් නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයේ රැදී සිටිනවා.
ලෝක කුසලාන තරගාවලියක නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙයයි.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…