දේශීය

තීරණ රැසකින් පසු ශ්‍රී ලංකාව අද තරග බිමට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන සිව්වන තරගය අද (21) පැවැත්වෙනවා.

ඒ නෙදර්ලන්තයට එරෙහිව.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 10.30ට ඉන්දියාවේ ලක්නව් හිදී ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායමට එක් වීමේ අරමුණින් හිටපු නායක ඇන්ජිලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර ඉන්දියාවට පැමිණියා.

අතිරේක ක්‍රීඩකයින් ලෙස ඔවුන් කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ක්‍රීඩකයින් අබාධයන්ට ලක්වුවහොත් ඒ අනුව මැතිව්ස්ට හා දුෂ්මන්තට තරගයට එක්වීමේ හැකියාව පවතින බවයි වාර්තා වුණේ.

මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර වෙනුවට කසුන් රාජිත අද තරගයට කැඳවා ඇති බව වාර්තා වෙනවා.

පසුගිය තරගය අතරතුර පන්දුව හිසේ වැදීමෙන් අබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරා මේ වනවිට පූර්ණ සුවය ලබා සිටිනවා.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා සහභාගී වූ තරග තුනම පරාජය වී සිටින අතර එක් තරගයක් ජයගනිමින් නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයේ රැදී සිටිනවා.

ලෝක කුසලාන තරගාවලියක නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙයයි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 hour ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago