Thursday, September 10, 2026
Homeදේශීයසුදු කොඩි බැඳන් මානුෂීය ආධාර අරන් ට්‍රක් රථ පෙළක් පළමුවරට ගසා තීරයට...

සුදු කොඩි බැඳන් මානුෂීය ආධාර අරන් ට්‍රක් රථ පෙළක් පළමුවරට ගසා තීරයට (වීඩියෝ)

ඊශ්‍රායල පලස්තීන යුධ ගැටුම් හමුවේ සිරවී සිටින ගාසා තීරයේ ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20ක් මේ වන විට එම ප්‍රදේශයට ඇතුලු වී තිබෙනවා.

ඒ ඊශ්‍රායල හමාස් ගැටුම් ඇතිවීමෙන් පසු පළමු වරට මානුෂීය ආධාර ලබා දීම සදහා රෆා පිවිසුම විවෘත කිරීමත් සමගයි.

සුදු කොඩි සහිත එක්සත් ජාතීන්ගේ නිල රථයක් ආධාර ට්‍රක් රථවල පෙරමුණේ ගමන් කර ඇති අතර අනෙක් ට්‍රක් රථ තුළ ද ඒ බව මනාව පෙනෙන සේ සලකණු කර තිබුණා.

මානුෂීය ආධාර තුළ ප්‍රධාන වශයෙන් ඖෂධ වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

එහි දර්ශන පහතින්,

READ:   දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය සම්පුර්ණ කරයි - රජය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්