Monday, September 28, 2026
Homeදේශීයසවස් වරුවේ තද වැසි..

සවස් වරුවේ තද වැසි..

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 02.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ නැඟෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, දකුණු, වයඹ සහ නැඟෙනහිර පළාත්වල උදෑසන කාලයේ ද වැසි ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   ප්‍රදේශ කිහිපයකට අද තද වැස්සක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්