Sunday, June 14, 2026
Homeදේශීයසීතා ඇතින්න දෙවන වරටත් සැත්කමකට

සීතා ඇතින්න දෙවන වරටත් සැත්කමකට

වෙඩි වැදීමට ලක්වූ සීතා ඇතින්නගේ පපු ප්‍රදේශයේ තිබී හමුවූ යකඩ බෝලය වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක වෙත ලබා දී තිබෙනවා.

මේ අතර ප්‍රහාරයට ලක්වූ මහරගම සීතා ඇතින්න දෙවන වරටත් ශල්‍යකර්මයකට ලක් කළ බව ශ්‍රි දළදා මාළිගාවේ පශු වෛද්‍ය ඒකකය පවසනවා.

ඇතින්නගේ පපු ප්‍රදේශය ආසන්නයේ තිබී යකඩ බෝලයක් සමග ඊයන් කැබිලි කිහිපයක් එහිදී හමුව තිබෙනවා.

මහියංගනය රජ මහ විහාරයේ පෙරහැර සදහා පැමිණ සිටියදී සීතා ඇතින්න ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබුවා.

ඒ පෙරහැර නිමා වී විහාර භූමිය අසළ ගසක බැඳ සිටියදී.

READ:   ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 189 ක් විසර යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්