Monday, June 15, 2026
Homeදේශීයගසා තීරයෙන් පිටවිය හැකි 'රෆා දොරටුව' විවෘත කිරීමට එකඟතාවය

ගසා තීරයෙන් පිටවිය හැකි ‘රෆා දොරටුව’ විවෘත කිරීමට එකඟතාවය

ගසා තීරය හරහා පිටවිය හැකි ඊශ්‍රායලය හරහා පමණක් පාළනය නොවන එකම පිවිසුම වන රාෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තුව එකඟ වී තිබෙනවා.

ඊජිප්තු ජනාධිපති සහ අමෙරිකානු ජනපති අතර ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඊජිප්තුව ඊට එකඟව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ ගසා තීරයට ආධාර ට්‍රක් රථ 20ක් පිටත්කර යැවීම සඳහා යි.

ඊශ්‍රායල හමාස් යුධ ගැටුම් හමුවේ අනෙකුත් සියලු දේශ සීමා වසා දැමීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කළා.

ගසා තීරය ආශ්‍රිත සමුද්‍ර තීරය ද ඊශ්‍රායල නාවික හමුදාව විසින් පාළනය කරනවා.

යුධ ගැටුම් හමුවේ පසුගිය දින කිහිපය තුළ ගසා තීරයේ පුද්ගලයින් දහස් ගණනක් ගසා ඊජිප්තු දේශසීමාව අසලට රැස් වුණා.

ඒ ගසා තීරයෙන් පිටවීමේ අරමුණින්.

file
READ:   ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්