Saturday, April 18, 2026
Homeදේශීයවතු කම්කරු වැටුප 1700 ස්ථිර කරමින් ගැසට් නිවේදනයක්

වතු කම්කරු වැටුප 1700 ස්ථිර කරමින් ගැසට් නිවේදනයක්

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනය පෙරේදා (21) රාත්‍රියේදී නිකුත් කරනු ලැබීය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව වතු සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වා ඉහළ යන අතර ඵලදායීතාව මත පදනම්ව රුපියල් 350ක් හිමිවේ.

2385/14 යන අංකයෙන් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

READ:   බංග්ලාදේශය පරදා ඇෆ්ගනිස්ථානයට සුපිරි ජයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්