Sunday, June 14, 2026
Homeක්‍රීඩාලැම්බෝගිනියක් නිසා සුපිරි ක්‍රීඩක රෝහිත් ෂර්මා අමාරුවේ

ලැම්බෝගිනියක් නිසා සුපිරි ක්‍රීඩක රෝහිත් ෂර්මා අමාරුවේ

ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මාට එල්ල වී ඇති නොසැලිකිලිමත් රිය ධාවනය සම්බන්ධ චෝදනාව ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

රෝහිත් ෂර්මා මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත්තේ මෙවර ක්‍රිකට් ලෝක කුසලානයේ බංග්ලාදේශය අතර තරගයට එක්වීමට පූනේ බලා යමින් සිටියදී.

එහිදී ශර්මා සිය ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය පැයට කිලෝමීටර් 215ක වේගයෙන් පදවා ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කරනවා.

ඔහුගේ ධාවනය රථවාහන නිලධාරීන් අතර අනතුරු සංඥා නිකුත් කර ඇති බව එරට පොලිසිය පවසනවා.

ඒ ඔහු පූනේ හි අධිවේගී මාර්ගයක ධාවනය කරමින් සිටියදී.

කෙසේ වෙතත් අධික වේගයෙන් නොසැලකිලිමත්ව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් රෝහිත් ෂර්මාට දඩ තුනක් පැනවීමට ඉන්දීය පොලීසිය කටයුතු කර තිබුණා.

READ:   "මම දැකපු ප්‍රථම ක්‍රිකට් රසිකයා පර්සි අංකල්" - ඉන්දීය සුපිරි ක්‍රීඩක රෝහිත් පර්සි අබේසේකර ගැන සන්වේදී වෙයි (විඩියෝව)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්