දේශීය

ජනපති චීනයේ Huawei සමග අත්සන් තබයි. මෙන්න හුවාවි ලංකාවේ කරන්න යන වෙනස..

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස ඊයේ (17) චීනයේ හුවාවි (Huawei) සමාගමේ නිරීක්ෂණ චාරිකාව නිරත වී තිබෙනවා.

මෙරට පාසල් ඩිජිටල්කරණය සඳහා හුවාවි සමාගමේ සහාය ලබා ගැනීම වෙනුවෙන් එහිදී ජනාධිපතිවරයා එම සමාගම හා ගිවිසුමකට අත්සන් තැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

file

ශ්‍රි ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව චීනයේ හුවාවි (Huawei) තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සයිමන් ලින් (Simon Lin) මහතා පවසනවා.

තම සමාගම දැනටමත් තාක්ෂණ හා යටිතල පහසුකම් සැපයිමේ කාර්යයට අමතරව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක් සමගම අධ්‍යයන කාර්යයන්ට සම්බන්ධ ආධාර උපකාර සැපයීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ තමන් මෙවර හුවාවි කේන්ද්‍රස්ථානයට පැමිණියේ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට බවයි.

ඩිජිටල් අධ්‍යාපන ක්‍රමවේදය සහ හරිත බලශක්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් චීන රජයේ මෙන්ම හුවාවි සමාගමේ සහාය ද ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

file
file
file
file
file
file

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

7 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago