Wednesday, September 30, 2026
Homeක්‍රීඩාඅද ඉන්දු පාකිස්තාන ගැටුමෙදි ඉන්දියාව කරන්න යන දේ.

අද ඉන්දු පාකිස්තාන ගැටුමෙදි ඉන්දියාව කරන්න යන දේ.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුවිශේෂී තරගයක් අද (14) පැවැත්වෙනවා.

ඒ සත්කාරක ඉන්දියාව සහ පාකිස්තානය අතරයි.

තරගය පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.

ඒ සඳහා ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි එනම් ලොව විශාලතම ප්‍රේක්ෂකාගාරය හිමි ක්‍රීඩාංගණය ඉන්දියාව තෝරා ගෙන තිබෙනවා.

අද තරගයේ උණුසුම මේ වන විටත් ඉන්දියාවේ සහ පාකිස්තාන ක්‍රිකට් ලෝලින් අතර දැඩිව පැතිර ගොස් ඇති ආකරය දෙරටෙහි මාධ්‍ය වාර්තා කරනවා.

අද තරගය සඳහා විශේෂ රන් ප්‍රවේශ පත්‍ර කිහිපයක් දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත්, සුපිරි නළු අමිතාබ් බච්චන් හා ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් වෙනුවෙන් ඉන්දියාව නිර්මාණය කර ඇති බව සඳහන්.

මේ අතර ඉන්දියා පාකිස්තාන තරගය ආරම්භයට පෙර විශේෂ සැමරුම් උත්සවයක් ද සංවිධානය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

READ:   දකුණු අප්‍රිකාවට වාර්තාගත ජයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්