Thursday, September 17, 2026
Homeක්‍රීඩාඉන්දියාව හමුවේ පාකිස්තානය අසරණ වෙයි..

ඉන්දියාව හමුවේ පාකිස්තානය අසරණ වෙයි..

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගය කඩුලු 07 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා.

ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 42යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 191ක් පමණයි.

එහිදී නායක Babar Azam ලකුණු 50ක් Mohammed Rizwan ලකුණු 49ක් වශයෙන් රැස් කළා.

ලකුණු 192ක ජයග්‍රහී ඉලක්කයක් හබා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 30යි පන්දු 3ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක Rohit Sharma ලකුණු 86(63)ක් රැස් කළා.

Shreyas Iyer නොදැවී ලකුණු 53(62) යි.

පන්දු යැවීමේදී Shaheen Afridi කඩුලු දෙකක් බිඳ දැමුවා.

READ:   තවත් ඉන්දීය බිත්තර මිලියනයකට අනුමැතිය..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්