දේශීය

ගර්භනී මව්වරු 50,000ක් ආහාර වතුර නොමැතිව යුද්ධයට මැදිවෙයි

හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය ගාසා තීරයේ සිවිල් ඉලක්ක වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

ප්‍රහාර හේතුවෙන් ගසා තීරයේ පලස්තීන වැසියන් 1400කට වැඩි පිරිසක් මියගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් වාර්තා කළා.

ඒ අතර ළමුන් 447ක්, කාන්තාවන් 248ක් මෙන්ම සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු ද වෙනවා.

ඊශ්‍රායලය විසින් පලස්තීනයට අවශ්‍ය ජලය, ආහාර, ඖෂධ මෙන්ම ඉන්ධන ආදී සියල්ල අවහර කර තිබීම හේතුවෙන් ගාසා තීරය තුළ ඇතිව ඇත්තේ ඛේදනීය තත්ත්වයක්.

ගසා තීරයේ ජලය හා ආහාර අවසන්වීමෙන් ගර්භනී කාන්තාවන් 50,000 කට අත්‍යවශ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමට නොහැකිව භායානක තත්වයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඉන් කාන්තාවන් 5,500ක් පමණ ඉදිරි මාසය තුළ දරු ප්‍රසූතියට නියමිත බවයි.

ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වී ඇති නිවාස ගණන 12,600ක්.

පලස්තීන වැසියන් පහෙන් එකක් ප්‍රහාර හේතුවෙන් මේ වන විට අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

හමාස් සංවිධානය විසින් පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය විසින් ඊට පළිගැනීමක් ලෙස සිවිල් ඉලක්ක වෙත ද ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ ජාත්‍යන්තර යුධ නීතය ද මායිම් නොකරමින්.

යුද්ධය ආරම්භ කර ඇත්තේ සතුන් පිරිසක් සමඟ බැවින් ඔවුන්ට සතුන්ට ලෙස ප්‍රතිචාර දක්වන බවත් ඊශ්‍රායලය පවසා තිබුණා.

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

3 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

3 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

5 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

6 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

6 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

6 days ago