දේශීය

ජැක්සන් ඇන්තනී අද නික්ම යයි..

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

ඒ රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේ දී.

ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මාස 14ක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා ඉකුත් 09 වනදා අලුයම අභාවප්‍රාප්ත වුණා.

වැඩසටහනක් රූ ගත කිරීමට ගොස් යළි එමින් සිටියදී ඒ මහතා ගමන් කළ මෝටර් රථයේ වන අලියෙකු ගැටී අනතුරට පත්වුණේ පසුගිය වසරේ ජූලි මස දෙවනදායි.

අව්වැසි නොතකා ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා විශාල ජනතාවක් ඊයේ රාත්‍රිය වන විටත් දේහය තැන්පත් කර ඇති කඩවත, රාගම පාරේ, වනිගසූරියවත්ත පිහිටි නිවස වෙත පැමිණ සිටියා.

ශ්‍රී ලාංකේය සිනමාවේ අසාහාය රංග පෞර්ෂයකින් හෙබි ජැක්සන් ඇන්තනී මහතා ගේය පද රචකයෙක්, ලේඛකයෙක් , නිවේදකයෙක් , විචාරකයෙක්, ගායකයෙක් මෙන්ම ඉතිහාස විශේෂඥයෙකු ලෙස ද කටයුතු කළ අසමාන කලා හැකියාවන්ගෙන් පිරිපුන් ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවකු වෙනවා.

ඒ මහතා රූපවාහිනී ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණකරුවෙකු මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදීයකු ලෙස ද කටයුතු කළා.

මෙරට පෞඩ ඉතිහාසය සරලව පැහැදිලිව ජනතාව අතර තැබීමට ඒ මහතා ගත් උත්සාහය අතිමහත්.

දෙස් විදෙස් සම්මාන රැසකට ප්‍රත්‍ර වූ ජැක්සන් ඇන්තනී මහතා “පනාපත්‍ර කුහුඹුපැනියා” හෙවත් හෙළ සිනමාවේ අසහාය රංගන පෞර්ෂය ලෙස හැඳින්වෙනවා.

මෙරට කලා ක්ෂේත්‍රයට යළි කිසිදා පිරවිය නොහැකි හිඩසක් ඉතිරි කරමින් සමුගන්නා විට ඒ මහතා 65 වන වියෙහි පසුවුණා.

ජැක්සන් ඇන්තනී ප්‍රවීණ රංගධරයාණෙනි ඔබට නිවන් සුව අත්වේවා..!

Recent Posts

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

4 hours ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

5 hours ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

7 hours ago

හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…

9 hours ago

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

4 days ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

4 days ago