file
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
ඒ රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේ දී.
ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මාස 14ක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා ඉකුත් 09 වනදා අලුයම අභාවප්‍රාප්ත වුණා.
වැඩසටහනක් රූ ගත කිරීමට ගොස් යළි එමින් සිටියදී ඒ මහතා ගමන් කළ මෝටර් රථයේ වන අලියෙකු ගැටී අනතුරට පත්වුණේ පසුගිය වසරේ ජූලි මස දෙවනදායි.
අව්වැසි නොතකා ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා විශාල ජනතාවක් ඊයේ රාත්‍රිය වන විටත් දේහය තැන්පත් කර ඇති කඩවත, රාගම පාරේ, වනිගසූරියවත්ත පිහිටි නිවස වෙත පැමිණ සිටියා.
ශ්‍රී ලාංකේය සිනමාවේ අසාහාය රංග පෞර්ෂයකින් හෙබි ජැක්සන් ඇන්තනී මහතා ගේය පද රචකයෙක්, ලේඛකයෙක් , නිවේදකයෙක් , විචාරකයෙක්, ගායකයෙක් මෙන්ම ඉතිහාස විශේෂඥයෙකු ලෙස ද කටයුතු කළ අසමාන කලා හැකියාවන්ගෙන් පිරිපුන් ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවකු වෙනවා.
ඒ මහතා රූපවාහිනී ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණකරුවෙකු මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදීයකු ලෙස ද කටයුතු කළා.
මෙරට පෞඩ ඉතිහාසය සරලව පැහැදිලිව ජනතාව අතර තැබීමට ඒ මහතා ගත් උත්සාහය අතිමහත්.
දෙස් විදෙස් සම්මාන රැසකට ප්‍රත්‍ර වූ ජැක්සන් ඇන්තනී මහතා “පනාපත්‍ර කුහුඹුපැනියා” හෙවත් හෙළ සිනමාවේ අසහාය රංගන පෞර්ෂය ලෙස හැඳින්වෙනවා.
මෙරට කලා ක්ෂේත්‍රයට යළි කිසිදා පිරවිය නොහැකි හිඩසක් ඉතිරි කරමින් සමුගන්නා විට ඒ මහතා 65 වන වියෙහි පසුවුණා.
ජැක්සන් ඇන්තනී ප්‍රවීණ රංගධරයාණෙනි ඔබට නිවන් සුව අත්වේවා..!
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…