Monday, September 28, 2026
Homeදේශීයජාතික සහ ළමා රෝහල් දෙකම බරපතළ අර්බුදයක

ජාතික සහ ළමා රෝහල් දෙකම බරපතළ අර්බුදයක

කොළඹ රිජ්වේ ළමා රෝහලේ ඇති එකම සී.ටී ස්කෑන් යන්ත්‍රය බිඳ වැටී තිබෙනවා.

එම යන්ත්‍රය මගින් දිනකට කුඩා දරුවන් 25කගේ පමණ සී.ටී.ස්කෑන් පරීක්ෂණ සිදුකළ බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරින්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන දරුවන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි එම සංගමය පවසන්නේ.

මේ අතර එම සංගමයේ සභාපති චනක ධර්ම වික්‍රම මහතා සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධාන විකිරණ යන්ත්‍රය බිඳ වැටි දවස් 10කට වැඩි කාලයක් ගතව ඇති බවයි.

එම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් යාවත්කාලීන නොකිරීම නිසා යත්න්‍රය යථාවත් කිරීම දිගින් දිගටම ප්‍රමාදවන බව ඔහු පෙන්වා දෙනවා.

READ:   මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඇප මත නිදහස් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්