Thursday, May 14, 2026
Homeදේශීයසොසේජස් බනිස් ගෙඩියක බ්ලේඩ් තලයක්! උගුර කැපී අයෙකුට බරපතලයි!

සොසේජස් බනිස් ගෙඩියක බ්ලේඩ් තලයක්! උගුර කැපී අයෙකුට බරපතලයි!

ජංගම රථයකින් මිලදී ගත් සොසේජස් බනිස් ගෙඩියක් ආහාරයට ගැනීමේදී එහි තිබූ බ්ලේඩ් තලයකට උගුර කැපී පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ පුවතක් සමාජ මාධ්‍ය තුළ වාර්තා වෙනවා.

Today News lk උපුටා දක්වමින් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සමූහය තුළ එම පුවත පළ කර තිබුණා.

එම පුවත පහතින්,

ජංගම රථයකින් අලෙවි කරන ලද සොසේජස් බනිස් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් එහි තිබූ බ්ලේඩ් තලයකට උගුර කැපී පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අදාල ජංගම රථයෙන් අලෙවි කළ ආහාර නිෂ්පාදන කල වේවැල්දෙණිය ්‍රදේශයේ හෝටලයක සැකකාර ව්‍යාපාරිකයාට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර තිබේ.

පාරිභෝගිකයා සොසේජස් බනිස් ගෙඩිය මිලදීගෙන කොටසක් දරුවාට දී ඉතිරි කොටස තමන් ආහාරයට ගත් පසු උගුර ප්‍රදේශය කැපී බරපතළ තුවාල වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධිකරණයට කියා සිටියේ ය.

දින කිහිපයකට පෙර මෙය සිදුවී ඇති නමුත් රෝහල්ගතව සිටි පුද්ගලයාට බරපතළ වීම හේතුවෙන් ප්‍රකාශයක් ලබාගැනීම ප්‍රමාද වුව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අධිකරණයේ පැවසීය.

පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ බනිස් ගෙඩි බ්ලේඩ් තලයකින් කපා සොසේජස් ඇතුළු කරන බවත් එසේ කැපීමට යොදාගෙන තිබූ බ්ලේඩ් තලයක් බනිස් ගෙඩිය තුළ රැඳී ඇති බවටත් ය.

file
READ:   කුලියාපිටිය රෝහලේ රුධිර පීඩන පරික්ෂාව කරන්නේ රෝහලේ සිකියුරිටි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්