දේශීය

ඊශ්‍රායල – පලස්තීන ගැටුම උත්සන්න වෙයි..

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුධ ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

යුද ගැටුම් හේතුවෙන් මේ වන විට දෙපාර්ශවයේම පුද්ගලයින් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය පිරිස් අතර 600කට අධික සංඛ්‍යාවක් ඊශ්‍රායල ජාතිකයින්. මේ දක්වා පලස්තීනයෙන් මරණ 414ක් පමණ වාර්තා වන බව සඳහන්.

ඉස්ලාමීය සටන්කාමී හමාස් සංවිධානය ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් පසුගියදා (07) රොකට් ප්‍රහාර රැසක් එල්ල කර තිබුණා.

දසකයකට පසු හමාස් සංවිධානය එල්ල කළ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙන මෙම ප්‍රහාරයේදී ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට විනාඩි 20කදී රොකට් ප්‍රහාර 5000ක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ගසා තීරය ප්‍රදේශයේ රැදී සිටින ජනතාවට සිය නිවෙස් අතහැර පළා යන ලෙස ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇති අතර හමාස් සංවිධානයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරන බවයි ඊශ්‍රායල පවසන්නේ.

මේ අතර දරුණු යුධ ගැටුම් ඇතිව ඇති ඊශ්‍රාලයේ ශ්‍රී ලාංකිකයින් 8,000ක් පමණ වාසය කරන බව සඳහන්.

දකුණු ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වුණා.

ඔහුට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා කඩිනම් පියවර ගනිමින් සිටින බව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවා.

ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ රැදී සිටි නේපාල සිසුන් 10 දෙනෙකු මියගොස් ඇති බව නවතම විදෙස් වාර්තා සඳහන් කරනවා.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

19 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

7 days ago