දේශීය

ඊශ්‍රායල – පලස්තීන ගැටුම උත්සන්න වෙයි..

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුධ ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

යුද ගැටුම් හේතුවෙන් මේ වන විට දෙපාර්ශවයේම පුද්ගලයින් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය පිරිස් අතර 600කට අධික සංඛ්‍යාවක් ඊශ්‍රායල ජාතිකයින්. මේ දක්වා පලස්තීනයෙන් මරණ 414ක් පමණ වාර්තා වන බව සඳහන්.

ඉස්ලාමීය සටන්කාමී හමාස් සංවිධානය ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් පසුගියදා (07) රොකට් ප්‍රහාර රැසක් එල්ල කර තිබුණා.

දසකයකට පසු හමාස් සංවිධානය එල්ල කළ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙන මෙම ප්‍රහාරයේදී ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට විනාඩි 20කදී රොකට් ප්‍රහාර 5000ක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ගසා තීරය ප්‍රදේශයේ රැදී සිටින ජනතාවට සිය නිවෙස් අතහැර පළා යන ලෙස ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇති අතර හමාස් සංවිධානයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරන බවයි ඊශ්‍රායල පවසන්නේ.

මේ අතර දරුණු යුධ ගැටුම් ඇතිව ඇති ඊශ්‍රාලයේ ශ්‍රී ලාංකිකයින් 8,000ක් පමණ වාසය කරන බව සඳහන්.

දකුණු ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වුණා.

ඔහුට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා කඩිනම් පියවර ගනිමින් සිටින බව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවා.

ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ රැදී සිටි නේපාල සිසුන් 10 දෙනෙකු මියගොස් ඇති බව නවතම විදෙස් වාර්තා සඳහන් කරනවා.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago