දේශීය

වන අලියෙක් දෙදරු පියෙකුගේ ජීවිතය බිලි ගයි..

ගලෙන්බිදුනුවැව පොලිස් වසමේ පඩිකාරමඩුව ග්‍රාමසේවා වසමේ පඩිකාරමඩුව පැරණිගම ප්‍රධාන මාර්ගයේ දී වන අලියෙකු පහර දිමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පසුගිය (08) වන දින සවස 6ට පමණ පුද්ගලයින් කිහිප දෙනෙකු ගමිමානයට පැමිණි වන අලින් පලවා හැරිමට යාමේදි ආදාළ පුද්ගලයා වන අලියාගේ පහරකෑමට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

පහර කැමට ලක් පුද්ගලයා ගම්වාසින් විසින් යකල්ල රෝහලට ත්‍රිරෝද රථයකින් රැගෙන එමෙන් සිටියදි මරණයට පත්ව ඇති බව හුරුළුවැව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

වන අලි පහර දීමෙන් මෙලෙස මිය ගොස් ඇත්තේ ගලෙන්බිදුණුවැව අංක 192 පඩිකාරමඩුව ග්‍රාමසේවා වසමේ පඩිකාරමඩුව පැරණිගම ලිපිනයේ පදිංචි වයස අවුරුදු 56 වන දෙදරු පියෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානය හා රිටිගල වනජිවි කාර්යාලය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මෙම වර්ෂයේ පසු ගිය අප්‍රේල් මසයෙන් පසු මෙම ප්‍රදේශයේ වන අලි පහරදීම් වලින් රිටිගල වනජිවි කාර්යාලයේ ප්‍රධාන නිළධාරියා ඇතුළු තිදෙනෙකු මියගොස් ඇති අතර වසරකට වැඩි කාලය සිට හුරුළුවැව් රක්ෂිකයේ සිට මෙලෙස වන අලි ගම්වදින බවත් දැනට දින කිහිපයක සිට මෙම ප්‍රදේශයට වන අලින් පැමිණ වගාවන් හා දේපල විනාශ කිරිම සිදුවෙන බවත් අවස්තා ගනනාවක ගමිවාසින් විසින් අලි වෙඩි හා  රතිඤ්ඥා යොදා ගෙන වන අලින් පලවා හැරිමට කටයුතු කර ඇති බව ගම්වාසින් පවසනවා.

මෙට පෙර අවස්ථාවන් කිහිපයක දී තම ගම්මානයට වන අලි තර්ජනය එල්ල වීම හා ජිවිත කිහිපයක් විනාශ වීමත් සමග ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් වරයා හා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන රජයේ වගකිවයුතු නිළධාරින් 05_04_2023 දින ගම්මානයට පැමින අලි මිනිස් ගැයුමෙන් පිඩාවට පත් ගම්වාසින් සමග සාකච්චා පැවැත්තුවද මේ දක්වා කිසිදු විසදුමක් නොලැබුණු බව ගම්වාසින් පෙන්වා දෙනවා.

මේ අතර ගලෙන්බිදුණුවැව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහසෙන්ගම ප්‍රදේශයේට කඩාවදින වන අලි රංචුවක් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩිලෙස අපහසුතාවයට පත්ව සිටිනවා.

මෙම වන අලි රංචුව ඉකුත් වසරකට ආසන්න කාලය සිට උදෑසන කාලයේදී සහ සවස් කාලයේදී නිරන්තරයෙන් ගම්මානයට පැමිණෙන බවත් වන අලි ගම්වැදීම නිසා මේ වන විට එම ප්‍රදේශයේ වන අලි පහරදීම්වලින් ජීවත හානි පවා සිදුව ඇති බවත් වගාවන් ගොඩ බෝග හා පොල් කෙසෙල් ඇතුළු වගවන් රැසක් විනාශ කර ඇති බව ප්‍රදේශයේ ජනතාව වැඩි දුරටත් සදහන් කරනවා.

දිනෙන් දින වන අලි මිනිස් ගැටුම හේතුවෙන් පිඩාවට පත් මහසේන්පුර ජනතාව පෙන්වා දෙන්නේ තව තවත් මෙම වන අලි තර්ජනය ගම්මානවලට එල්ලවීමට ගතහොත් ප්‍රදේශයේ ජනතාවට මෙම ගම්බිම් අතහැර දමා යාමට පවා සිදුවන බවයි.

ඉට මත්තෙන් අදාල ගැටලුව පිළිබද සාවදානව බලා කඩිනම් විසදුමක් ලබා දෙන මෙන් ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

5 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

7 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago