දේශීය

හිටපු මහබැංකු අධිපති රට බංකොලොත් වීමට හේතු සොයන සභාව හමුවට යළි කැඳවයි

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රට බංකොලොත් වීමට හේතු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත අද යළි කැඳවා තිබෙනවා.

හිටපු මහ බැංකු අධිපතිවරයා පසුගියදා ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අද කාරක සභාවේ සමාජිකයින් ප්‍රශ්න කරන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවා.

රට බංකොලොත් යැයි ප්‍රකාශ කිරීම කුමන්ත්‍රණයක් බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා එම කාරක සභාව හමුවේ ප්‍රකාශ කර සිටියා.

මේ අතර විගණකාධිපතිවරයා ද රට බංකොලොත් වීමට හේතු සොයන කාරක සභාව හමුවට කැඳවීමට නියමිත බව සාගර කාරියවසම් මහතා පවසනවා.

ඒ රට බංකොලොත් වීම ගැන ඔහු සකස් කළ වාර්තාවක් සම්බන්ධයෙන් කරුණු වීමසිම එහි අරමුණයි.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

7 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

7 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago