Monday, September 14, 2026
Homeදේශීයහිටපු මහබැංකු අධිපති රට බංකොලොත් වීමට හේතු සොයන සභාව හමුවට යළි කැඳවයි

හිටපු මහබැංකු අධිපති රට බංකොලොත් වීමට හේතු සොයන සභාව හමුවට යළි කැඳවයි

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රට බංකොලොත් වීමට හේතු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත අද යළි කැඳවා තිබෙනවා.

හිටපු මහ බැංකු අධිපතිවරයා පසුගියදා ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අද කාරක සභාවේ සමාජිකයින් ප්‍රශ්න කරන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවා.

රට බංකොලොත් යැයි ප්‍රකාශ කිරීම කුමන්ත්‍රණයක් බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා එම කාරක සභාව හමුවේ ප්‍රකාශ කර සිටියා.

මේ අතර විගණකාධිපතිවරයා ද රට බංකොලොත් වීමට හේතු සොයන කාරක සභාව හමුවට කැඳවීමට නියමිත බව සාගර කාරියවසම් මහතා පවසනවා.

ඒ රට බංකොලොත් වීම ගැන ඔහු සකස් කළ වාර්තාවක් සම්බන්ධයෙන් කරුණු වීමසිම එහි අරමුණයි.

READ:   දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්