Saturday, April 18, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණ කරන්නේ නැහැ! ජනපති අවධාරණය කරයි 

පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණ කරන්නේ නැහැ! ජනපති අවධාරණය කරයි 

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීමට මෙරට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

“Deutsche Welle” හෙවත් ටෙලිවිෂන් ජර්මනි රූපවාහිනි නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

කිහිප දෙනෙකු ඉල්ලා සිටියද ශ්‍රී ලංකා රජය එවැනි ජාත්‍යන්තර පරික්ෂණයක් නොකරන බවත් පාර්ලිමේන්තුව එවැනි ඉල්ලීමක් කර නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ඒ පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍ය බවට ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව පවසා, මාධ්‍යවේදියා ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

එක්සත් රාජධානිය හෝ ජර්මනිය එවැනි පරික්ෂණ සිදුකර නොමැති බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එෆ්.බී අයි එක පරික්ෂණයක් කළ බවත් ඊට බ්‍රිතාන්‍ය පොලිසිය පැමිණි අතර ඕස්ට්‍රේලියාව ඉන්දියාව චීනය පකිස්තානයෙන්ද පිරිස් පැමිණි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මෙම සිද්ධියට කිසිදු භාහිර පාර්ශවයක් සම්බන්ධ නැති බව එෆ්.බී.අයි වාර්තා හෙළිකරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

බටහිර රටවල් සහ බටහිර මාධ්‍ය ආසියාව ඇතුළු අහිංසක රටවල්වලට පමණක් බලපෑම් කරන බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

මෙම සම්මුඛ සාකච්ඡාව තරමක උද්වේගකර එකක් බවට පත්වුණා.

READ:   පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා උත්ඝොෂණයක් පැවැත්වුණා (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්