Thursday, July 30, 2026
Homeදේශීයකුසල් මෙන්ඩිස්ගෙන් ලකුණු 158ක්

කුසල් මෙන්ඩිස්ගෙන් ලකුණු 158ක්

ඇෆ්ගනිස්ථානයට එරෙහි පුහුණු තරගයේදී කුසල් මෙන්ඩිස් පන්දු 87ක් තුළ නොදැවී ලකුණු 158ක් ලබා ගත්තා.

ඒ හයේ පහර 9ක් සහ හතරේ පහර 19ක් ද සමගින්.

ලකුණු 158ක් ලබා ගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවීමට කුසල් මෙන්ඩිස් තීරණය කළා.

ලෝක කුසලානය තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව අද ඇෆ්ගනිස්ථානයය සමග සිය දෙවන පුහුණු තරගයට සහභාගී වෙනවා.

පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 02ක් දැවී ලකුණු 257ක් ලබා ගෙන සිටිනවා.

ඒ පන්දුවාර 34යි එක් පන්දුවක් අවසානයේදී.

සදීර සමරවික්‍රම ලකුණු 39ක් ලබා ගෙන පිටියේ රැදී සිටිනවා.

දැවී ගිය ක්‍රීඩකයින් පැතුම් නිස්සංක ලකුණු 30කට සහ දිමුත් කරුණාරත්න ලකණු 8කට.

READ:   නතාෂාගේ සිද්ධිය ගැන SLVLOG මාධ්‍යට කියයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්