දේශීය

චන්දිමාල්ගේ විශිෂ්ට පරිත්‍යාගය.

ලංකාවේ ක්‍රීඩකයන් අතර ඉහළම ආදායමක් උපයන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් ය.

ඔවුන් උපයන්නේ ඩොලර් වලිනි. ගමන් බිමන් යන්නේ අධි සුඛෝපභෝගී වාහන වලිනි.

මෙයට කිසිවකු ඉරිසියා කළ යුතු නැත.

ඒ එවැනි ඉපයීමකට කුඩා අවදියේ සිටම ඔවුන් විශාල කැප කිරීමක් කරන නිසාය.

එහෙත් ලංකාව නියෝජනය කළ හා කරන ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් කී දෙනෙක් පෙරළා තමන් ක්‍රිකට් අත්පොත තැබූ පාසලට එසේත් නැත්නම් සමාජයට යමක් කරනු ඔබ දැක තිබේද? කනගාටුවට කරුණ නම් එවැන්නන් දැකිය හැක්කේ ඉතාමත් අල්ප වශයෙනි.

file

ඔක්තෝබර් පළවෙනිදා අම්බලන්ගොඩ ධර්මාශෝකයේ ගෘහස්ථ ක්‍රිකට් පුහුණුවට වෙන් වූ ක්‍රීඩාගාරයක් විවෘත කෙරේ.

මෙතෙක් ඉහළ පෙළේ පාසල් වන ශා.තෝමස්,රාජකීය, ශා.ජෝශප්, ත්‍රිත්ව වැනි පාසල් කිහිපයකට පමණක් සීමාව තිබූ මෙවැනි පහසුකමක් ධර්මාශෝකය වැනි පිට පළාත් පාසලකටත් ලැබීම විශේෂ සිද්ධියකි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පුහුණුවන්නට ක්‍රිකට් ආයතනයටවත් තමන්ගේම කියා ගෘහස්ථ ක්‍රීඩාගාරයක් නොවන පසුබිමක මෙම ව්‍යාපෘතිය වඩාත් වැදගත් වේ.

මෙහි විශේෂත්වය වනුයේ මෙය ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගේ ධන පරිත්‍යාගයෙන් තමන් ක්‍රිකට් දිවිය ආරම්භ කළ පාසලට ලැබීමයි.හරිනම් ලෝක කුසලාන කණ්ඩායම සමග ඉන්දියාවේ සිටිය යුතු චන්දිමාල් අම්බලන්ගොඩදී මෙම ගොඩනැගිල්ල පාසලට පරිත්‍යාග කිරීමේ කටයුත්තේ යෙදෙයි.

පුහුණු පථ දෙකකින් සමන්විත මෙම ක්‍රීඩාගාරය සඳහා චන්දිමාල් වැය කොට ඇති මුදල රුපියල් දෙකෝටියකට වැඩිය.

ඒ ඔහුට අවශ්‍ය නම් වෙනත් ක්‍රීඩකයන් මෙන් තව සුඛෝපභෝගී මෝටර් රථයක් මිළදී ගත හැකිව තිබුණු මුදලකි.

file

මගේ දැනුමේ හැටියට තමන් ඉගෙන ගත් පාසලට තම පෞද්ගලික ධනයෙන් මෙතරම් ආධාරයක් ,පරිත්‍යාගයක් කළ වෙනත් ක්‍රීඩකයකු නොවන තරම් ය.

බොහෝ ක්‍රීඩකයන් තමන් ක්‍රිකට් අත්පොත තැබූ පාසල පැත්ත පළාතකටවත් නොයන කලෙක, වත්මන් ක්‍රීඩකයකුට පිත්තක් හෝ නොදෙන කලෙක, දිනේෂ් චන්දිමාල්ගේ මෙම පරිත්‍යාගය වඩාත් කැපී පෙනේ.කාටත් ආදර්ශයකි.

දින 40 කටත් වඩා අඩු කලෙකින් ඉදි කෙරුණු මෙම ක්‍රීඩාගාරය ධර්මාශෝකයට පමණක් නොව පළාතේ දේවානන්ද හා කුලරත්න යන විදුහල්වල ක්‍රීඩකයන්ටද පුහුණුව සඳහා ලබා දීම සිදු කෙරෙනුයේ චන්දිමාල්ගේ ඉල්ලීමක් අනුවය.

මෙහි ඉදිකිරීම් කෙට් කලෙකින් සිදු කෙරුණේ යුද හමුදා ඉංජිනේරු බලකායේ මෙහෙයවීමෙනි. විශ්‍රාමික මේජර් ජනරාල් ආදි සිසු බිමල් විදානගේ හා චන්දිමාල්ගේ ධර්මාශෝක පුහුණුකරු ජී. අසෝකගේ අධීක්ෂණයෙනි.

මිනිස්සු උපයති. ඉතුරු කරති කති.බොති.අඳිති.

එහෙත් යන විට ඒ කිසිවක් රැගෙන නොයති.

ගෙනියන්නේ කරන හොඳ වැඩ පමණි.

ක්‍රීඩකයන්ගේ ලකුණු ,කඩුළු වලට, අත්පොළසන් දෙද්දී විනය කැඩූ ක්‍රීඩකයන්ට මාධ්‍යයේ වැඩි ඉඩක් දෙද්දී නූතන සමාජ ක්‍රමය තුළ මෙවන් කටයුත්තකට ලැබෙන ප්‍රතිචාරය බලා සිටීම වටී.

( ක්‍රීඩාගාරයේ අවසන් නිමැවුම් කටයුතු බලන්නට චන්දිමාල් සමග මා ඊයේ එහි ගිය මොහොතේ ගත් සේයාරූ කිහිපයක් මෙහි දැක්වේ.මාද ධර්මාශෝකයේ දෙමසක ආදි සිසුවකු බව චන්දිමාල් දැන ගත්තේ ඊයේය)

Dinesh Chandimal lokuge. Isika Jayasekara Lokuge Bimal Widanage Asoka Gange Sarath Asoka Mahinda Deshapriya Louie Karunaratne

සටහන : T20 NEWS සමාජ මාධ්‍යයෙන් (උපුටා ගැනීම)

file
file
file
file

Recent Posts

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

2 days ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

6 days ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

2 weeks ago

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බයයි – ට්‍රම්ප්

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…

3 weeks ago

වනස්පති ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ආරක්ෂා කෙරේ – රක්ෂිත කෙරුණු මුලු වනාන්තර ගණන 79ක්

ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…

3 weeks ago

BREAKING:ලොවක් අවදානයෙන් සිටි තීරණාත්මක පහරදීම ගැන ට්‍රම්ප්ගෙන් නොසිතූ නියෝගයක්:තෙල් මිලත් පහළට

මැදපෙරදිග සතුරුකම් සහමුලින්ම විසදාගන්න (Complete and total resolution) ඉරානය සමග කළ සාකච්ඡා ථලදායි බවත්, ඒ…

3 weeks ago