file
බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදට (29) යෙදී තිබෙනවා.
ආනන්ද හිමියන්ගේ ඉල්ලීම මත බෞද්ධ භික්ෂුනී ශාසනයේ ආරම්භය ඇතිවීම ඇතුළු ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් රාශියක් සිදූවූ දිනයක් ලෙස බිනර පුන් පොහෝ දිනය හැඳින්විය හැකියි.
අෂ්ඨ ගරු ධර්ම නැමති අටක් වූ කාරණා පිළිගැනීමෙන් අනතුරුව බුද්ධ මාතා මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් බෞද්ධ සසුනට එක්වීම අද වැනි පොහො දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.
තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා තැන්පත් කර හිරිගඩු සෑය ඉදිකිරීම සිදුවන්නේත් ලාලාට ධාතූන් වහන්සේ තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීම සිදුවන්නේත් අද වැනි බිනිර පොහෝ දිනයකදී බව සඳහන් වෙනවා.
බිනර පුන් පොහෝ දිනය වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානයන්හිදී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන ආගමික වැඩසටහන් රැසක් සංවිධානය වෙනවා.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…