file
බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදට (29) යෙදී තිබෙනවා.
ආනන්ද හිමියන්ගේ ඉල්ලීම මත බෞද්ධ භික්ෂුනී ශාසනයේ ආරම්භය ඇතිවීම ඇතුළු ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් රාශියක් සිදූවූ දිනයක් ලෙස බිනර පුන් පොහෝ දිනය හැඳින්විය හැකියි.
අෂ්ඨ ගරු ධර්ම නැමති අටක් වූ කාරණා පිළිගැනීමෙන් අනතුරුව බුද්ධ මාතා මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් බෞද්ධ සසුනට එක්වීම අද වැනි පොහො දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.
තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා තැන්පත් කර හිරිගඩු සෑය ඉදිකිරීම සිදුවන්නේත් ලාලාට ධාතූන් වහන්සේ තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීම සිදුවන්නේත් අද වැනි බිනිර පොහෝ දිනයකදී බව සඳහන් වෙනවා.
බිනර පුන් පොහෝ දිනය වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානයන්හිදී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන ආගමික වැඩසටහන් රැසක් සංවිධානය වෙනවා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…