Saturday, September 12, 2026
Homeදේශීයබිනර පුර පසළොස්වක පොහොය අදයි

බිනර පුර පසළොස්වක පොහොය අදයි

බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදට (29) යෙදී තිබෙනවා.

ආනන්ද හිමියන්ගේ ඉල්ලීම මත බෞද්ධ භික්ෂුනී ශාසනයේ ආරම්භය ඇතිවීම ඇතුළු ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් රාශියක් සිදූවූ දිනයක් ලෙස බිනර පුන් පොහෝ දිනය හැඳින්විය හැකියි.

අෂ්ඨ ගරු ධර්ම නැමති අටක් වූ කාරණා පිළිගැනීමෙන් අනතුරුව බුද්ධ මාතා මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් බෞද්ධ සසුනට එක්වීම අද වැනි පොහො දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.

තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා තැන්පත් කර හිරිගඩු සෑය ඉදිකිරීම සිදුවන්නේත් ලාලාට ධාතූන් වහන්සේ තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීම සිදුවන්නේත් අද වැනි බිනිර පොහෝ දිනයකදී බව සඳහන් වෙනවා.

බිනර පුන් පොහෝ දිනය වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානයන්හිදී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන ආගමික වැඩසටහන් රැසක් සංවිධානය වෙනවා.

READ:   මේ රටට සාමසාධක හමුදාව ගෙන්නද මේ යන්නේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්