file
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද (23) විරෝධතාවයේ නිරත වෙනවා.
අද දහවල් සෞඛ්‍ය ආයතන ඉදිරිපිට දී විරෝධතාවයේ නිරත වන බවයි ඔවුන් පැවසුවේ.
දැඩි ඖෂධ හිඟය, සෞඛ්‍යට අත්‍යවශ්‍ය මුදල් රජය විසින් ලබා නොදීම වැනි ගැටලු රාශියක් නිසා සෞඛ්‍ය සේවය විශාල බිඳවැටීමකට ලක්ව ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 50%ක පමණ ප්‍රමාණයක් රෝහල් තුළ නොමැති බවයි එම සංගමයේ වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසුවේ.
මේ අතර සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය අද ජාතික සෞඛ්‍ය විරෝධතා දිනය ලෙස නම් කර තිබෙනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…