ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය ඊයේ (21) අවසන් වුණා.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රීක් අධිකරණයේ දී නඩුව විභාගයට ගැණුනා.
නඩුවට අදාළ තීන්දුව ලබන බ්‍රහස්පතින්දා (28) ලබා දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ධනුෂ්කට එරෙහිව එල්ල කර තිබූ චෝදනා හතරින් තුනක් පසුව ඉවත් කර ගෙන තිබූ අතර බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවේ යෙදීමේ චෝදනාව යටතේ නඩුව විභාගයට ගෙන තිබුණා.
කෙසේ වෙතත් එම චෝදනාව ද ධනුෂ්ක ගුණතිලක ප්‍රතික්ෂේප කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මුල්වරට ධනුෂ්ක එරට පොලිසියට ලබා දුන් පැය දෙක හමාරක පමණ වන ප්‍රකාශය ඉකුත් දා අධිකරණයට ඇසීමට සලස්වා තිබුණා.
පෙර භවයක් පිළිබඳ අදාළ කාන්තාව තාමට පවසා සිටි බව ධනුෂ්ක ලබා දී තිබූ එම ශාක්සි වල සටහන් ව තිබුණා.
එහිදී අදාළ කාන්තාව පවසා ඇත්තේ ධනුෂ්ක සහ ඇය පෙර භවයක තායිලන්තයේ ආසල්වාසීන් ලෙස ඉපදී සිටි බවයි.
එම ප්‍රකාශය කිරීමත් සමඟ ඇයගේ ගුප්ත හැසිරීම නිසා තමන් බියට පත්වූ බව ධනුෂ්ක ගුණතිලක පවසා තිබුණා.
එම වීඩියෝව පහතින්,


