ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියාවේ දී විභාග කෙරුණු නඩු විභාගය අවසන් කර තිබෙනවා.
ඒ අනුව අදාළ නඩුවේ තීරණය ලබන බ්‍රහස්පතින්දා (28) ලබා දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී ධනුෂ්කට එරෙහි නඩුව විභාග කෙරුණා.
ඒ 2022 දී ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයක් අතරතුර ධනුෂ්ක එරට කාන්තාවක් දූෂණයට ලක්කිරීමක් සම්බන්ධයෙන්.


