දේශීය

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කෙරේ.

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) පවත්වා තිබෙනවා.

file

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක ,පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය නියෝජනය කරමින් උසස් නිලධාරීන් ද ඒ සඳහා සහභාගී වී තිබෙනවා.

file

මෙම විශේෂ හමුව සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සහභාගී වූ අතර පරීක්ෂණ වාර්ථාව පිළිබඳ මන්ත්‍රී වරුන් නැඟූ ප්‍රශ්න වලට විමර්ෂණ නිලධාරීන් විසින් පිළිතුරු ලබා දීම සිදු කළ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

file

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්ථාව පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ස්තූතිය පුද කර සිටි බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

11 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

11 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago