file
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) පවත්වා තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක ,පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය නියෝජනය කරමින් උසස් නිලධාරීන් ද ඒ සඳහා සහභාගී වී තිබෙනවා.
මෙම විශේෂ හමුව සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සහභාගී වූ අතර පරීක්ෂණ වාර්ථාව පිළිබඳ මන්ත්‍රී වරුන් නැඟූ ප්‍රශ්න වලට විමර්ෂණ නිලධාරීන් විසින් පිළිතුරු ලබා දීම සිදු කළ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්ථාව පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ස්තූතිය පුද කර සිටි බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…