ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරීමට සූදානමක් ගැන සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
ඒ අනුව දසුන් ශානක වෙනුවට නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවීමට නියමිත බවයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේ.
දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරීමට ආසන්නම හේතුව පසුගිය ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව ලද අමිහිරි පරාජය බවත් කලක සිට දසුන්ගෙන් කණ්ඩායමට ලැබෙන දායකත්වය අවම වීම අනෙක් හේතුව බවත් අරුණ පුවත්පත වාර්තා කර තිබුණා.
දසුන් ශානක පෞද්ගලිකව පසුබෑමක සිටින බව සත්‍ය වුවද, කඩාවැටී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් යළි ජයග්‍රාහණයේ මාවතට ගෙන යමින් වාර්තා ගත ජයග්‍රහණ රැසක් ඔහු ශ්‍රී ලංකාවට උරුම කර දුන් නායකයෙකු බව මෙරට ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු බොහෝ දෙනෙක් සඳහන් කර තිබුණා.
එක්දින තරග 39කට නායකත්වය දී ඇති දසුන් ඉන් තරග 23 ක් ජයග්‍රාහණය කර ඇති අතර තරග ජයග්‍රාහී ප්‍රතිශතය 58.97ක් ලෙස සටහන්ව තිබෙනවා.
දසුන් නායකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් විස්තර ප්‍රකාශකයකු වන Harsha Bhogle ඇතුළු ක්‍රිකට් ප්‍රවීණයින් කිහිප දෙනෙකු පළ කර තිබූ අදහස් පහතින්.


දසුන් ශානක තවදුරටත් 2023 ලෝක කුසලාන තරගාවලියේ ද නායකයා ලෙස කටයුතු කරනු දැකීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මීට සුළු මොහොතකට පෙර සඳහනක් කර තිබුණා.



