ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය හෙටින් අවසන් වීමට නියමිත යි.
ඕස්ට්‍රේලියාවේ දී ස්ත්‍රී දූෂණයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ධනුෂ්ක ගුණතිලක සහ අදාළ කාන්තාව අතර වූ පළමු හමුවේ සීසීටීවී දර්ශන ප්‍රථම වරට අද (20) මාධ්‍යට නිකුත් කර තිබුණා.
ධනුෂ්කට එරෙහි නඩුවිභාගය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රීක් අධිකරණයේ දී අද දිනයටත් විභාගයට ගැණුනා.
එහිදී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගත් අවස්ථාවේ එරට පොලිසියට කළ පැය දෙක හමාරක පමණ වන ප්‍රකාශය අධිකරණයට ඇසීමට සලසා දී තිබෙනවා.
තාමට චෝදනා එල්ල කරන කාන්තාව ඇගේ නිවසේ දී හමු වූ රාත්‍රියේ ඇය තමන්ගේ පෙර භවයක් ගැන පැවසු බව ධනුෂ්ක ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ධනුෂ්ක සහ ඇය තායිලන්තයේ අසල්වාසීන් ලෙස පෙර භවයේදී කටයුතු කළ බව ඇය පැවසු බවයි ධනුෂ්ක ගුණතිලක වැඩිදුරටත් පවසා ඇත්තේ.
එසේ පැවසීමත් සමඟ ඇය ගේ ගුප්ත හැසීරීම ගැන තමන්ට බයක් ඇති වූ බව ධනුෂ්ක ගුණතිලක පවසා තිබෙනවා.
කෙසේ වෙතත් ධනුෂ්ක ලබා දී ඇති සාක්ෂියේ අදාළ කාන්තාව ඔහුට එල්ල කර ඇති අනාරක්ෂිත ලිංගික ක්‍රියා චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.
මේ අතර අදාළ කාන්තාවගේ පැමිණිල්ල දුරකථනය ඔස්සේ ලියාගත් පොලිස් කාන්තාව එම සටහන ඉරා විසි කළ බව අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා.
ඒ ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥ මුරුගන් තංගරාජ් එම නිලධාරිනියට යොමු කළ හරස් ප්‍රශ්න හමුවේ.
අදාළ සීසීටීවී දර්ශන සහිත වීඩියෝව පහතින්,


