Thursday, September 10, 2026
Homeදේශීයකොරියාවේ රැකියාවට යන්න හිතන අයට සුබ පණිවිඩයක්

කොරියාවේ රැකියාවට යන්න හිතන අයට සුබ පණිවිඩයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඒ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන් සඳහා වන දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේදී.

file

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනඟීම සඳහා ජනාධිපතිවර ගෙන යන වැඩපිළිවෙල එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් අගය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවට දකුණු කොරියාව විසින් ලබා දී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බව මෙහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර වෙළඳ සහ ආයෝජන සබඳතා වැඩිකර ගැනීමට ද අවධානය යොමු කර තිබෙනවා.

READ:   පාකිස්තානයේ එන්නත්කරණ කණ්ඩායමකට අාරක්ෂාව සැපයූ නිලධාරියකු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්