දේශීය

සතොස වසා දැමීමට එරෙහිව සේවකයින් විරෝධතාවයේ.

සේවකයින් විශ්‍රාම ගන්වා සතොස ආයතනය වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ එලඹෙන 30 වනදා සිටයි.

ඊට විරෝධය දක්වමින් සතොස සේවකයින් පිරිසක් ඊයේ (16) වෙළඳ අමාත්‍යාංශය ඉදිරිපිට ට පැමිණ විරෝධතාවයේ නිරත වුණා.

අමාත්‍යංශ ලේකම් සහ සතොස සභාපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට විරෝධතාකරුවන්ට අවස්ථාව ලබා දීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

එම සාකච්ඡාව අසාර්ථක වූ බවයි සතොස සේවකයින් පසුව මාධ්‍යට පැවසුවේ.

1948 ආරම්භ කෙරුණු සතොස ආයතනය 2005 දී කොටස් දෙකකට වෙන් කෙරුණා.

ඒහි එක් ආයතනයක් වන සතොස වෙළඳ ජාලය හිමි ලංකා සොතොස තුළ සේවකයින් 1000කට වැඩි සේවකයින් පිරිසක් සේවය කරනවා.

අනෙක් කොටස වන පැරණි සතොස ආයතනය තුළ සේවකින් 292ක් සේවය කරන අතර එහි සියලු සේවකයින් අනිවාර්ය විශ්‍රාම යවා එය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

Recent Posts

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

12 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

12 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

12 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

4 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago