දේශීය

ආසියාවේ කිරුළ හිමි ක්‍රිකට් ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා සටන අද..

16 වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රිකට් කිරුළ හිමි ශූරයන් තීරණය කෙරන අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.

අවසන් මහා තරගය අද පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතයි.

තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

පසුගිය පාකිස්තාන තරගය අතරතුර අබාධයකට ලක්වීම හේතුවෙන් අද තරගයට මහිෂ් තීක්ෂණ එක්වෙන්නේ නැහැ. ඒ වෙනුවට සහන් ආරච්චිගේ සංචිතයට නම් කර තිබෙනවා.

කෙසේ වෙතත් මහීෂ් තීක්ෂණ වෙනුවට සංචිතයේ සිටින පා දඟ පන්දු යවන ක්‍රීඩක දුශාන් හේමන්ත යෙදවීමට නියමිත බව ද වාර්තා වෙනවා.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක Axar Patel ද අද තරගයට එක්වන්නේ නැහැ. ඒ අබාධයකට ලක්වීම හේතුවෙන්.

ඔහු වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ දඟ පන්දු යවන ක්‍රීඩක Washington Sundar.

ආසියානු කුසලානයයේ එක්දින සහ විස්සයි විස්ස තරග රටා දෙක තුළ දීම අවස්ථා 7කදී ඉන්දියාව ශූරතාව දිනා ගෙන ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා 6 කදී ආසියානු ශූරතාවය දිනා ගෙන තිබෙනවා.

ආසියානු කුසලාන එක්දින තරගාවලි තුළදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවස්ථා 20කදී මුහුණට මුහුණ හමුවී ඇති අතර ඉන් අවස්ථා 10 බැගින් දෙපිලම ජයග්‍රාහණය කර තිබෙනවා.

අවසන් වරට පැවැති ආසියානු ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත් කණ්ඩායම වන්නේ ද ශ්‍රී ලංකාවයි.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

1 day ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

1 day ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago