file
අමෙරිකානු ඩොලර් බිලියන 03කට අඩු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරිකයට වඩා වැඩි මුදලක් ජනවාරි සිට මේ දක්වා විදෙස්ගත විගමනික ශ්‍රමිකයින් මෙරටට එවා ඇති බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
එම මුදල අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එය ගිය වසරට සාපේක්ෂව 70%කටත් වඩා වැඩිවීමක් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
වාහන, ණය පහසුකම් වරප්‍රසාද සහ ගෞරවය ලබා දෙමින් විදෙස් ශ්‍රමිකයින් දිරි ගැන්වීම මීට හේතුව බව අමාත්‍යවරයා සඳහන් කළා.
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…