දේශීය

සේවක ආර්ථ සාදකයට (EPF) කරන දේ කම්කරු ඇමති කියයි.

සේවක අර්ථ සාධක අරමුදලට අදාළව දැනට ලැබෙන 9%ක ප්‍රතිලාභය එහි සාමාජිකයන් සඳහා ඉදිරියටත් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

බදු පැනවීමක් සිදුවන්නේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් සතු මුදල් සඳහා නොවන අතර අරමුදල සතු මුදල් ආයෝජන කිරීමෙන් පසුව ලබන ලාභයට සියයට 14ක ප්‍රතිශතයක් ලෙස පමණක් බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මනූෂ නානායක්කාර මහතා…

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි එකඟතා අනුව සහ ණය හිමියන් සමග ඇති කරගත් එකඟතා මත මේ වනවිට විදේශීය ණය ප්‍රශස්ථකරණය කිරීමේ කටයුතු සූදානම්ව තිබෙනවා. නමුත් මේ විදේශීය ණය ප්‍රශස්තකරණය සමඟ දේශීය ණය ප්‍රශස්තකරණයට ද අප යොමු විය යුතුයි.

ඒ විදෙස් ණය ලෙස අප ලබාගෙන ඇත්තේ ඒ ඒ රටවල ජනතාවගේ බදු මුදල් වන නිසයි. එම නිසා ලබා ගත් විදෙස් ණය ගෙවීමට අසමත්ව සිටින රටක් ලෙස දේශීය ණය ප්‍රශස්තකරණයක් නොකොට විදෙස් ණය පමණක් ප්‍රශස්තකරණයට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටීමට අපට අවස්ථාවක් නැහැ.එබැවින් දේශීය ණය ප්‍රශස්තකරණය කිරීම අනිවාර්යයක් වනවා.

එහි දී ශ්‍රී ලංකාව දේශීය වශයෙන් ණය ලබාගෙන ඇති මූලාශ්‍රවලින් බහුතරයක් ගෙන තිබෙන්නේ EPF- ETF අරමුදල් මගිනුයි. මේ ගැන විවාදයක් ඇතිව තිබෙන්නේ ද එම නිසයි. එහිදී ඇතැමුන් ප්‍රශ්න කරනවා දේශීය ණය ප්‍රශස්තකරණය බැංකුවලට අදාළ නොකළේ ඇයි කියලා.

ඒ සදහා අපට දියහැකි පැහැදිළි පිළිතුර වන්නේ, බැංකුවලින් සියයට 30ක බදු අයකිරීමක් අඛණ්ව සිදු කෙරෙන බවයි.

ඒ අනුව අපි රජයක් ලෙස පාර්ලිමේන්තුවේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඉදිරි කාලය සදහා මෙම දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථකව සිදු කරනවා වගේම මහජන අරමුදල්වල සාමාජිකයන්ට කිසිදු අසාධාරණයක් නොවන ආකාරයට පොරොන්දු වූ 9%ක ප්‍රතිලාභය ඉදිරියටත් ලබාදීමට කටයුතු කරනවා.

ඒ අනුව පුද්ගලයෙකු සතු මුදල්වලින් සියයට 09ක වාර්ෂිකව ලැබිය යුතු ප්‍රතිලාභය අඛණ්ඩව ලබා දෙනවා. ඒ හැර නැවත සියයට 14 හෝ සියයට 30 බදු අයකිරීමක් සිදුවන්නේ නැහැ. මේ ගැන ඇතැමුන් කරුණු විකෘති කරනවා. ජනතාව නොමඟ යවනවා.

බදු පැනවීමක් සිදුවන්නේ සේවක අර්ථසාදක අරමුදලේ ඇති මුදල් ආයෝජනය කිරීමෙන් පසු ලබන ලාභයට සියයට 14ක බදු අයකිරීමක් ලෙස පමණයි.

මිලියන 2.4ක් වන අපගේ ශ්‍රමිකයිකයින්ගෙන් එක් අයෙකු සතුව අද වන විට බැංකුවේ ලක්ෂ 10ක් ඇත්නම් එම මුදලට කිසිදු හානියක් සිදු වන්නේ නැහැ. ඒඅනුව ඔහු විසින් එම මුදල ලබා ගැනීමට සූදානම් වන අවස්ථාවේ ඔහුට ඒ සදහා වාර්ෂිකව සියයට 09 බැගින් එකතු වූ ප්‍රතිලාභය ලබා දීමට සුදානම්.

ඒ වගේම EPF / ETF අරමුදල අනතුරකට ලක් වන්නේ අපි විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු නොකළහොත් පමණයි. ඒ නිසා EPF / ETF සම්බන්ධයෙන් මවන කතා දේශපාලන කතා පමණයි. කතා මවන අය සතුව වැඩපිළිවෙළක් නැහැ.

සේවක අර්ථ සාධක අරමුදල අයිති වන මහා බැංකුව ස්වාධීන ආයතනයක් නිසා එයට කිසිදු හානියක් සිදු නොවන බව විශ්වාසයෙන් පැවසිය හැකියි. ඒ වගේම අරමුදල සම්බන්ධව කිසිදු තීරණයක් කම්කරු අමාත්‍යාංශය හරහා ගැනෙන්නේ නැති බව ද අප වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා.

මීට අමතරව විගමනික ශ්‍රමික ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කරමින් ඩිජිටල් දත්ත පද්ධතියක් ලබන වසරේ මුල සිට ක්‍රියාත්මක කිරීමට ද අප බලාපොරොත්තු වනවා.

ඒ වගේම කම්කරු දෙපාර්තමේන්තුවේ සියලූ දත්ත පද්ධතීන් ඩිජිටල්කරණය සදහා සියලූ වැඩ කටයුතු මේ වන විට සූදානම්. එමගින් E වැටුප් ක්‍රමයක් හදුන්වා දීමට කටයුතු කරනවා”

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

9 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

9 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago