දේශීය

රට බංකොලොත් කීම කුමන්ත්‍රණයක් – හිටපු මහබැංකු අධිපති

රට බංකොලොත් යැයි ප්‍රකාශ කිරීම පිටුපස කුමන්ත්‍රණයක් සිදුව ඇති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

තමන් ලවා එම කුමන්ත්‍රණය කර ගැනීමට බැරි වූ නිසා අවසානයේ ධුරයෙන් පහ කළ බව හිටපු මහ බැංකු අධිපති වරයා පවසනවා.

මහ බැංකු අධිපති ලෙස නන්දලාල් වීරසිංහ මුළු රටම කම්පා කරමින් රට බංකොලොත් යැයි ලෝකෙට ප්‍රකාශ කළ බවත් ඒ ගැන කිසිම කෙනෙකුට සොයාබැලීමට හෝ අවස්ථාවක් එහිදී නොලැබුණ බවත් ඔහු ප්‍රකාශ කළා.

ණය පැහැර හැර ඇති බවට වන ලිපිගොනුව කවුරුන් හෝ කල්තියා නිර්මාණය කළ ලියවිල්ලක් බවත් මෙම කටයුතු මාස ගාණක සිට සැලසුම් කර සිදුකර ඇති බවත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

හිටපු මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ, රට බංකොලොත් වීමට හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කරුණු දක්වමින්.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය පරික්ෂණයක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ද මෙහිදී පැවසුවා.

හිටපු මහබැංකු අධිපතිවරයා සහ වජිර අබේවර්ධන මහතා රට බංකොලොත් වීමට හේතු සොයන විශේෂ කාරක සභාවට ඊයේ (15) කැඳවා තිබුණා.

ඒ එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින්.

කාගෙන්වත් අවසරයක් නොමැතිව වැරදි ක්‍රියාවලියක් තුළින් රට බංකොලොත් යැයි ප්‍රකාශ කර ඇති බව වජිර අබේවර්ධන මහතා පවසනවා.

මෙම බංකොලොත් භාවයට මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ විශාල නිලධාරීන් පිරිසක් වගකිව යුතු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මහබැංකුව කළ වැරදි ක්‍රියාවලියක් නිසා සමස්ත රටක් බංකොලොත් වී එය මහජන නියෝජිතයන්ගේ පිටින් ගිය බව ඔහු පවසනවා.

ඒ හේතුවෙන් අවසානයේ ජනතා නියෝජිතයින්ගේ ගෙවල් ගිනි ගත් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

මෙවැනි දෙයක් වුනාම ජනතාව යා යුත්තේ ජනතා නියෝජිතයින් සොයාගෙන නොව අදාළ නිලධාරින් සිටින ස්ථාන කරා බවට ජනතාව දැනුවත් කළ යුතු බව ද මන්ත්‍රීවරියා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

Recent Posts

නීතිඥ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ජනපති සිදුකළ කතාව full speech

මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…

5 hours ago

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…

1 day ago

“මගේ අම්මා යාපනයේ” – විජයගේ පුත් ජේසන් සංජේ ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල් සම්බන්ධය හෙළි කරයි

ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…

3 days ago

Rosamund Pike Visits Sri Lanka as Country Marks Clearance of One Million Landmines

Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…

4 days ago

රොසමුන්ඩ් පයික් ශ්‍රී ලංකාවේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් නිරීක්ෂණයට

වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…

4 days ago

පාරම්පරික වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව අවුලක

මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…

5 days ago