දේශීය

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය අදයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අයිතිය ජනතාවගෙන් පැහැර ගෙන – පැෆ්රල් සංවිධානය

ලෝක ප්‍රජාතන්ත්‍රවාදය දිනය අදට යෙදී තිබෙනවා.

“මතු පරපුර බල ගැන්වීම” යන්න මෙවර ප්‍රජාතන්ත්‍රවාදී දිනයේ තේමාව වී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරීමයි.

ඒ ප්‍රජාව විසින් ගොඩනගාගන්නා සාමුහික සාධාරණ පාලන තන්ත්‍රයක් තුළින්.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංඟයක් ලෙස මැතිවරණ ක්‍රමය හඳුන්වා දිය හැකියි. එහිදී ජනතාවට හිමි ඡන්ද බලය හරහා සුදුසු පාලකයින් තෝරා ගනු ලබනවා.

ජනතාව සතු මූලික අයිතිවාසිකම් වන සර්වජන ඡන්ද බලය ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂී අංගයක් වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් වන ඡන්දය මගින් ජනතාවට පාලකයන් පත් කර ගැනීමට තියෙන අයිතිය මේ වන විට ශ්‍රී ලංකාව තුළ පාලකයින් අහිමි කර ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

අදට යෙදෙන ප්‍රජාතන්ත්‍රවාදී දිනය ගැන අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය සමරණ ශ්‍රි ලංකාවේ අද වන විට පළාත් පාලන මැතිවරණය ආදී මැතිවරණයන් අතුරුදහන් කර ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් පාලකයින්ගේ අභිමතය අනුව කටයුතු කරන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago