දේශීය

බංග්ලාදේශය ප්‍රබල ඉන්දියාව පරාජය කරයි..

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංගලාදේශය අතර පැවති තරගය ලකුණු 6කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ ඉන්දියාවට තියුණු තරගයක් ලබා දෙමින්.

පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 265ක් රැස් කළා.

නායක Shakib Al Hasan ලකුණු 80ක් පන්දු 85කින් රැස් කළා.

Towhid Hridoy ලකුණු 54 (81) යි. Nasum Ahmed ලකුණු 44 (45) යි.

පන්දු යැවීමේදී Shardul Thakur බංග්ලාදේශ කඩුලු 03ක් බිඳ දැමුවා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 267ක ඉලක්කයක් හබා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 259ක් පමණයි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Shubman Gill පන්දු 133කින් ලකුණු 121ක් රැස් කළා.

පන්දු යැමේදී Mustafizur Rahman ඉන්දීය කඩුලු 03ක් බිඳ දැමුවා.

Tanzim Hasan සහ Mahedi Hasan කඩුලු 02 බැගින් දවා ගත්තා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

13 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago