Monday, April 20, 2026
Homeක්‍රීඩාබංග්ලාදේශය ප්‍රබල ඉන්දියාව පරාජය කරයි..

බංග්ලාදේශය ප්‍රබල ඉන්දියාව පරාජය කරයි..

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංගලාදේශය අතර පැවති තරගය ලකුණු 6කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ ඉන්දියාවට තියුණු තරගයක් ලබා දෙමින්.

පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 265ක් රැස් කළා.

නායක Shakib Al Hasan ලකුණු 80ක් පන්දු 85කින් රැස් කළා.

Towhid Hridoy ලකුණු 54 (81) යි. Nasum Ahmed ලකුණු 44 (45) යි.

පන්දු යැවීමේදී Shardul Thakur බංග්ලාදේශ කඩුලු 03ක් බිඳ දැමුවා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 267ක ඉලක්කයක් හබා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 259ක් පමණයි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Shubman Gill පන්දු 133කින් ලකුණු 121ක් රැස් කළා.

පන්දු යැමේදී Mustafizur Rahman ඉන්දීය කඩුලු 03ක් බිඳ දැමුවා.

Tanzim Hasan සහ Mahedi Hasan කඩුලු 02 බැගින් දවා ගත්තා.

READ:   බලවත් අයට එක නීතියක්! අනිත් අයට තව විදිහක්! අර්ජුනගෙන් ක්‍රිකට් ලොක්කන්ට දොස් මුරයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්