file
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගයට නැවත වරක් වර්ෂාවෙන් බාධා පැමිණුනා.
ඒ හේතුවෙන් තාවකාලිකව නතර කෙරුණු තරගය මේ වන විට යළිත් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මෙවර කණ්ඩායම් දෙකටම පන්දුවාර 42ක් පමණක් ලබා දීමට විනිසුරුවන් තීරණය කළා.
වැස්ස හේතුවෙන් තරගය ප්‍රමාද වී ආරම්භ කිරීම නිසා කණ්ඩායම් දෙකටම මුලදී ලබා දී තිබුණේ පන්දුවාර 45ක් පමණයි.
වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 05 ක් දැවී ලකුණු 130 ක් ලබා ගෙන සිටියා.
පන්දුවට පහරදීමේදී Abdullah Shafique ලකුණු 52 (69) ක් රැස් කළා.
මතීෂ පතිරණ කඩුලු 02 ක් දවාගත්තා.
මේ අතර වැස්සෙන් බධා පැමිණීම හේතුවෙන් තරගය අත්හැරදැමුවොත් අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවෙනවා.
ඒ පාකිස්තානයට වඩා ලකුණු ලබා ගැනීමේ දල වේගය ඉහළින් පැවතීම හේතුවෙන්.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…