file
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතරයි.
මේම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ඉන්දියාව සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර වාර්ෂාව හේතුවෙන් තරගය නතර වුවහොත් අවසන් මහා තරගයට පිවිසීමේ හැකියාව ද ශ්‍රී ලංකාව සතු වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වෙනස් කම් දෙකක් සිදුකිරීමට නියමිත අතර ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න වෙනුවට කුසල් ජනිත් පෙරේරා තරගයට එක්වීමට නියමිත බව වාර්තා වෙනවා.
මේ අතර වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත වෙනුවෙට ප්‍රමෝද් මධුශාන් කණ්ඩායමට එක්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංච් මාර්ග පවසන්නේ.
කෙසේ වෙතත් ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ අවට ප්‍රදේශවලට ඊයේ දිනයට වඩා අද වැසි ඇතිවීමේ අවදානම වැඩි බව වාර්තා වෙනවා.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…