දේශීය

ඉතිහාසය වෙනස් කරමින් සිංහ කෙල්ලන් ඓතිහාසික ජයක් ලබයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ ඊයේ (06) පැවති අවසන් තරගයෙන් එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජය කිරීමත් සමඟ යි.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 19ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 116ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී Maia Bouchier ලකුණු 23ක් සහ Danielle Gibson ලකුණු 21 ක් රැස් කළා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චමරි අතපත්තු ලකුණු 21කට කඩුලු 03ක් බිඳ දැමුවා.

උදේශිකා සහ කවීශා කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 117ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17ක් තුළ දී එම ඉලක්කය පසුකර ගියා. ඒ කඩුලු 03ක් පමණක් දැවී සිටියදී.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු 28 කින් ලකුණු 44 ක් රැස් කළා.

හර්ශිතා සමරවික්‍රම නොදැවී ලකුණු 26 යි. අනුෂ්කා සංජීවනී ලකුණු 20ක් ලබා ගත්තා.

ඒ අනුව විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා චමරි අතපත්තු.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

6 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

7 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago