දේශීය

ඉතිහාසය වෙනස් කරමින් සිංහ කෙල්ලන් ඓතිහාසික ජයක් ලබයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ ඊයේ (06) පැවති අවසන් තරගයෙන් එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජය කිරීමත් සමඟ යි.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 19ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 116ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී Maia Bouchier ලකුණු 23ක් සහ Danielle Gibson ලකුණු 21 ක් රැස් කළා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චමරි අතපත්තු ලකුණු 21කට කඩුලු 03ක් බිඳ දැමුවා.

උදේශිකා සහ කවීශා කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 117ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17ක් තුළ දී එම ඉලක්කය පසුකර ගියා. ඒ කඩුලු 03ක් පමණක් දැවී සිටියදී.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු 28 කින් ලකුණු 44 ක් රැස් කළා.

හර්ශිතා සමරවික්‍රම නොදැවී ලකුණු 26 යි. අනුෂ්කා සංජීවනී ලකුණු 20ක් ලබා ගත්තා.

ඒ අනුව විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා චමරි අතපත්තු.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago