ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් “චැනල් ෆෝ ” නාලිකාව ගෙන ඒමට නියමිත යයි පැවසුණු ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන සම්බන්ධ කොටසක් එම නාලිකාව විසින් මේ වන විට වීඩියෝවක් ලෙස සමාජ මාධ්‍යට මුදාහැර තිබෙනවා.
කෙසේ වෙතත් චැනල් 4 නිකුත් කරන මෙම වීඩියෝ සම්බන්ධව අද පාර්ලිමේන්තුවේ ද අවධානයට ලක් වුණා.
ආණ්ඩු හා විපක්ෂ යන දෙපාර්ශවයෙන්ම මේ සම්බන්ධව අදහස් පළ වූ අතර එහිදී අදහස් දක්වමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධ ඕනෑම පරීක්ෂණයකට සහය දෙන බවයි.
චැනල් 4 ආන්දෝලනාත්මක වීඩියෝව නිකුත් වන වටපිටාවක, හරීන් හා මනූෂ ඇමතිවරුන් පාස්කු ප්‍රහාරය හා පරීක්ෂණ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරමින් ලිපියක් නිකුත් කර තිබෙනවා.
පහත දැක්වෙන්නේ එම ලිපියයි.
උපුටා ගැනීම-
පාස්කු කුමන්ත්‍රණයේ සත්‍ය!
මීට වසර හතරකට පෙර බරපතළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව බොහෝ තොරතුරු දැන් ලෝකය හමුවේ හෙලිදරව් වෙමින් තිබේ.
එකී හෙලිදරව් සියල්ල එදා පාස්කු ප්‍රහාරය සිදුවූ දා සිට අප කළ ප්‍රකාශයන් සියල්ල යළි යළිත් සත්‍ය වීමකි.සහතික වශයෙන්ම ඔප්පු වීමකි.
එබැවින් වඩාත් පුළුල්,අපක්ෂපාතී පරීක්ෂණයක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා දැඩිව වර්තමානයේ දී ඉස්මතු වී තිබේ.
එදා පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් අප හඩ නැගුවේ පාස්කු ප්‍රහාරයේ චූදිතයින් සහ එහි මහමොළකරුවන් වහාම නීතියේ රැහැනට කොටුකරගත යුතු බවය.
එකී හඩ නැගීම් ඉදිරියේ අපට එරෙහිව එදා ඇතුළු විවිධ පාර්ශ්වයන්ගේ බොහෝ තර්ජන ගර්ජන මෙන්ම අවලාදවලට ද අපට මුහුණ දීමට සිදුවිය.
එපමණක් නොව,එවක අප නියෝජනය කළ විපක්ෂයේ සමහර නායකයින් පවා එදා මුනිවත රකිමින් සිටි අතර එය අපතුල බලවත් පසුතැවිල්ලකට හේතුවිය.
කෙසේ වෙතත් එදා මේ ප්‍රහාරයේ සත්‍ය හෙලිකරව් කිරීමට විපක්ෂයේ සිටිමින් නලින් බණ්ඩාර ,හෙක්ටර් අප්පුහාමි ,කාවින්ද ජයවර්ධන ,මුජිබර් රහුමාන් ,එරාන් වික්‍රමරත්න වැනි මන්ත්‍රීවරු ද අප සමග එක්ව අරගල කළ බව සිහිපත් කරමු.
එමෙන්ම අප වඩාත් විශ්වාස කළ ඇතැම් ආගමික නායකයින්ගෙන් පවා අප වෙත පදනම් විරහිත චෝදනා එල්ල විය.
එහෙත් අප ඒ කිසිවක් ඉදිරියේ නොසැලුනු අතර අපේ අරගලය නොන්වත්වාම සිදුවිය.එයින් ඇරැඹි ආණ්ඩු විරෝධී අරගලය හේතුකොටගෙන ආණ්ඩු පරිවර්තනයක් පවා අවසානයේ සිදුවිය.
“දෙවියන් වහන්සේගේ මාලිගාව විනාශ කරන ඕනෑම කෙනෙක් දෙවියන් වහන්සේ විසින් විනාශ කරනු ලැබේ, මන්ද දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධ ය, ඒ දේවමාළිගාව ඔබ ය.”
යනුවෙන් ශාන්ත පාවුළුතුමන් පවසා තිබේ.අර්බුදයක් නිර්මාණය කොට ඒ මතින් බලය ලබාගත් කිසිවෙකුට එකී බලය පවත්වාගෙන යා නොහැකි බව ස්වභාදහම විසින් පවා ඔප්පු කොට තිබේ.
බංකොලොත්භාවයට පත්ව සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටී තිබූ රටක අභියෝගය භාර ගැනීමට ඇතැම් නායකයින් බිය වෙද්දි එකී අභියෝගය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් භාරගත් අතර වසරක් වැනි කෙටි කෙටිකලක් තුළ එකී අභියෝගය ජය ගෙන තිබීම සතුටට කරුණකි.
එදා අප රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් වූයේ සුවිශේෂී කොන්දේසි සහ ඉල්ලීම් හතක් මුල් කරගෙනය.
එහි කොන්දේසි හයක් මේ වනවිටත් සාධනීය ලෙස ඉටුකර ඇති අතර ඉතිරිව ඇත්තේ “පාස්කු ප්‍රහාරයේ”චූදිතයින් සියල්ල නීතියේ රැහැනට කොටුකරගෙන උපරිම දඩුවම් පැමිණවීමය.ඒ සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් අප ඉල්ලාසිටි අතර නැවත එම ඉල්ලීම සිදුකරමු.
රටේ පැවති අභියෝග ජයගැනීම වෙනුවෙන් ආණ්ඩුව සමග අප එක්වුවත් මේ සම්බන්ධයෙන් වන ඉල්ලීම ආණ්ඩුව තුළ සිටිමින් අප දිගින් දිගටම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළෙමු. මේ වන විට නැවත වරක් එම කරුණ යළි සාකච්ඡාවට ලක්වීම නැවත වරක් ශක්තිමත්ව ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර තිබේ.
කෙසේ නමුත් ආණ්ඩුව තුළ සිටිමින් අප ඉල්ලීම් ඉදිරිපත් කරන විටදීත්, විපක්ෂය ඒ සම්බන්ධයෙන් කිසිදු හඩක් නොනැගීමත් කණගාටුවට කරුණකි.
ප්‍රහාරයේ මහමොළකරුවන් සොයා නිසි දඬුවම් පැමිණවීම මගනොහැර කළයුත්තකි. අසත්‍යයේ කඩතුරාවෙන් සත්‍ය වසන්කළ නොහැකිය.ඔවුන්ට නීතිය ඉදිරියේදීත්,සොබාදහම ඉදිරියේදීත් ඒකාන්තවම සත්‍ය හෙලිදරව් කරන්නට සිදුවනු ඇත.
හරින් ප්‍රනාන්දු
සංචාරක හා ඉඩම් අමාත්‍ය
මනූෂ නානයක්කාර
විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…