file
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගය තියණු තරගයකින් පසු ලකුණු 2 කින් ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 291ක් රැස් කළා.
සුපිරි 4 වටයට පිවිසීම සදහා ලකුණු ලබා ගැනීමේ වේගය අනුව 37 වන පන්දුවාරය තුළදී ඇෆ්ගනිස්ථානයට තරගය නිමා කළ යුතුව තිබුණා.
ඒ අනුව තරගය තියුණු ස්භාවයක් ගත් අතර ඇෆ්ගනිස්ථානය අවසන් පන්දු කිහිපය වන තෙක් තරගය ඔවුන් සතු කර ගත්තා.
පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් පන්දු 84ක්, පැතුම් නිස්සංක ලකුණු 41ක් වශයෙන් රැස් කළා.
ලකුණු 292 ක ඉලක්කයක් හබා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 37.4 තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 289 ක් පමණයි.
වේගවත් පිතිහරඹයක නියැලුණු Mohammed Nabi පන්දු 32 කින් ලකුණු 65ක් සහ Hashmatullah ලකුණු 59 (66) Rahmat ලකුණු 45 (40) වශෙයෙන් රැස් කළා.
පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 04ක් දවා ගත්තා. ධනංජය සහ වෙල්ලාලගේ කඩුලු 02 බැගින් බිඳ දැමුවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයට පිවිසීමට සුදුසුකම් හිමිකර ගත්තා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…