Sunday, September 13, 2026
Homeක්‍රීඩාතියුණු සටනකින් ශ්‍රී ලංකාව ජය ලබයි

තියුණු සටනකින් ශ්‍රී ලංකාව ජය ලබයි

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගය තියණු තරගයකින් පසු ලකුණු 2 කින් ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 291ක් රැස් කළා.

සුපිරි 4 වටයට පිවිසීම සදහා ලකුණු ලබා ගැනීමේ වේගය අනුව 37 වන පන්දුවාරය තුළදී ඇෆ්ගනිස්ථානයට තරගය නිමා කළ යුතුව තිබුණා.

ඒ අනුව තරගය තියුණු ස්භාවයක් ගත් අතර ඇෆ්ගනිස්ථානය අවසන් පන්දු කිහිපය වන තෙක් තරගය ඔවුන් සතු කර ගත්තා.

පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් පන්දු 84ක්, පැතුම් නිස්සංක ලකුණු 41ක් වශයෙන් රැස් කළා.

ලකුණු 292 ක ඉලක්කයක් හබා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 37.4 තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 289 ක් පමණයි.

වේගවත් පිතිහරඹයක නියැලුණු Mohammed Nabi පන්දු 32 කින් ලකුණු 65ක් සහ Hashmatullah ලකුණු 59 (66) Rahmat ලකුණු 45 (40) වශෙයෙන් රැස් කළා.

පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 04ක් දවා ගත්තා. ධනංජය සහ වෙල්ලාලගේ කඩුලු 02 බැගින් බිඳ දැමුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයට පිවිසීමට සුදුසුකම් හිමිකර ගත්තා.

READ:   අඩියක් පසු පසට ගැනීමේ ට්‍රම්ප් තීරණය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්