Thursday, October 29, 2026
Homeක්‍රීඩාඇෆ්ගනිස්ථානයට ලකුණු 292ක ඉලක්කයක්

ඇෆ්ගනිස්ථානයට ලකුණු 292ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 291 ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් පන්දු 84ක් තුළ ලකුණු 92 ක් රැස් කළා.

ශතකය ආසන්නයේ සිටි කුසල් මෙන්ඩිස් අවසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.

පැතුම් නිස්සංක ලකුණු 41ක් (40) රැස් කළා. දිමුත් කරුණාරත්න ලකුණු 32 (35) යි.

කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබා දීමට දිමුත් දහ පැතුම් ට හැකි වුවද විටක මැද පෙළ කඩුලු කිහිපයක් පන්දු කිහිපයක් තුළ බිඳ වැටුණා.

ඇෆ්ගනිස්ථානය සතුව තිබූ තරගය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට අගනා පිතිකරනයක නිරත වූ මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ සමත් වුණා.

දුනිත් වෙල්ලාලගේ ලකුණු 33(39)යි. මහීෂ් තීක්ෂණ ලකුණු 28(24) යි.

පන්දු යැවීමේදී Gulbadin Naib කඩුලු 04ක් සහ Rashid khan කඩුලු 02ක් බිඳ දැමුවා.

READ:   කීරි සම්බා වෙනුවට GR 11 සහල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනයට අවසර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්